Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

හෘත් ස්පන්දනය, රුධිර පීඩනය හා වසා 3 වන පිටුව (3)

වසා පද්ධතිය

කේශනාලිකාවලින් ප්ලාස්මයෙන් කොටසක් කාන්දු වී පටක තරලය ලෙස සෛල වට කරයි. එයින් වැඩි කොටස නැවත රුධිරයට පැමිණෙන අතර ඉතිරිය වසා නාලවලට ගලා ගොස් වසා බවට පත්වේ.

පටක තරලය → වසා නාල → වසා ගැටිති → හෘදය අසල ශිරා

තරලය ආපසු ගෙන ඒම

වසා අතිරික්ත පටක තරලය නැවත රුධිරයට ගෙන එයි.

ආරක්ෂාව

වසා ගැටිතිවල විෂබීජ හසු කරගෙන විනාශ කරන ලිම්ෆොසයිට ඇත; ආසාදනයක දී ඒවා ඉදිමේ.

මේද පරිවහනය

අංකුරවල ඇති ක්ෂීර වාහිනී අවශෝෂණය වූ මේද වසා තුළට ගෙන යයි.