නාභිය හා දර්පණය අතර වස්තුව
නාභිය හා දර්පණය අතර වස්තුව තබා ඇති විට පරාවර්තන කිරණ අපසාරීව යන අතර කිසි විටෙක හමු නොවේ. ප්‍රතිබිම්බය දැකිය හැක්කේ දර්පණය තුළින් බැලීමෙනි.
ප්‍රතිබිම්බය
දර්පණයේ සිට වස්තුවට ඇති දුරට වඩා වැඩි දුරකින් දර්පණය පිටුපස.
අතාත්ත්වික
උඩුකුරු
වස්තුවට වඩා විශාල යි
රැවුල කැපීමේ දී මුහුණ බැලීම සඳහා අවතල දර්පණයක් භාවිත වන්නේ මෙම ආකාරයට ය: මුහුණ නාභීය දුරට වඩා ළඟින් තබන විට දර්පණයේ විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක් පෙනේ.