විඛාදක හා ඇඹුල්
සාන්ද්‍ර අම්ල අඩංගු බෝතල්වල ලේබලයේ දක්නට ලැබෙන 7.2 රූපයේ ඇති අන්තරායකාරී සලකුණ කෙරෙහි අවධානය යොමු කරන්න. මෙය අදාළ රසායන ද්‍රව්‍යයේ විඛාදක ගුණය පිළිබඳ ව ඉදිරිපත් කෙරෙන අනතුරු ඇඟවීමකි.
රූපයක් එක් කළ යුතුය
අම්ල විඛාදක ය
මෙම අම්ලය ලී, ලෝහ සහ රෙදි වැනි ද්‍රව්‍ය සමඟ ගැටුණු විට එය විඛාදනයට ලක් වන අතර සමේ තැවරුණු විට තදබල පිළිස්සුම් ඇතිකරයි.
ඇඹුල් රසය
දෙහි යුෂවල රසය සිහිපත් කරන්න. එය ඇඹුල් රසයකින් යුක්ත ය. අම්ලවල පොදු ගුණයක් වන්නේ ඒවාට ලාක්ෂණික ඇඹුල් රසයක් තිබීම යි.
විද්‍යාගාර අම්ල රස නොබලන්න
විද්‍යාගාරයේ භාවිත වන අම්ලවල රසබැලීම නො කළ යුතු ය.