අම්ලවල ප්‍රතික්‍රියා
අම්ල ලාක්ෂණික ආකාර හතරකින් ප්‍රතික්‍රියා කරයි.
ලෝහ සමඟ — හයිඩ්‍රජන්
තනුක අම්ල, සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් ලකුණු කර ඇති තැනට ඉහළින් පිහිටි ලෝහ (Mg වැනි) සමඟ ප්‍රතික්‍රියා කර ලෝහයේ ලවණය හා හයිඩ්‍රජන් වායුව සාදයි.
Mg (s) + 2HCl (aq) → MgCl2 (aq) + H2 (g)
කාබනේට සමඟ — කාබන් ඩයොක්සයිඩ්
විද්‍යාගාරයේ දී කැල්සියම් කාබනේට්වලට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එකතු කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් නිපදවන ලදී. අම්ල කාබනේට/බයිකාබනේට සමඟ ප්‍රතික්‍රියාවෙන් කාබන් ඩයොක්සයිඩ් නිපදවීම අම්ලයක ලාක්ෂණික ගුණයකි.
CaCO3 (s) + 2HCl (aq) → CaCl2 (aq) + H2O (l) + CO2 (g)
භස්ම සමඟ — ලවණ හා ජලය
අම්ල, භස්ම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාදයි. පහත දැක්වෙන අම්ල භස්ම ප්‍රතික්‍රියාවේ ඵල ලෙස සෝඩියම් සල්ෆේට් ලවණය (Na2SO4) හා ජලය සෑදෙයි.
H2SO4 (aq) + 2NaOH (aq) → Na2SO4 (aq) + 2H2O (l)
ලිට්මස් සමඟ
අම්ල, නිල් ලිට්මස්වල වර්ණය රතු පැහැයට හරවයි. මෙය අම්ල හඳුනා ගැනීමට භාවිත කරන සරල පරීක්ෂාවකි.