අම්ල කිහිපයක භාවිත අවස්ථා
අම්ල තුනක් විශේෂයෙන් සුලබ ව භාවිත වේ.
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය
වාෂ්ප භාණ්ඩවල මල ඉවත් කිරීමට; ආහාර තාක්ෂණයේ දී අස්ථිමය කොටස්වලින් ජෙලටින් සාදා ගැනීමට; රාජ අම්ලය සෑදීමට.
සල්ෆියුරික් අම්ලය
ඇමෝනියම් සල්ෆේට්, ට්‍රිපල් සුපර්පොස්පේට් වැනි පොහොර නිපදවීමට; සායම්, ප්ලාස්ටික්, ක්ෂාලක නිපදවීමට. බැටරි ඇසිඩ් යනු තනුක කරන ලද සල්ෆියුරික් අම්ලය යි; සාන්ද්‍ර අම්ලය විජලකාරකයක් ලෙස වායු වියළීමට භාවිත වේ.
ඇසිටික් අම්ලය
ආහාර සැකසීමේ දී (විනාකිරි); රබර් කිරි මුදවීමට; ඡායාරූප පටල නිපදවීමේ දී; කඩදාසි කර්මාන්තයේ දී; පේෂ කර්මාන්තයේ දී කෘත්‍රිම නූල් නිපදවීමට.
රාජ අම්ලය
රාජ අම්ලය (aqua regia) යනු පිළිවෙළින් 1:3 අනුපාතයට මිශ්‍ර කළ සාන්ද්‍ර නයිට්‍රික් අම්ල හා සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ල මිශ්‍රණයකි. රන්, ප්ලැටිනම් වැනි ලෝහ දිය කිරීම සඳහා රාජ අම්ලය භාවිත කෙරේ.