Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.3. ආලෝකයේ වර්තනය 3 වන පිටුව (5)

ආලෝකයේ වේගය වෙනස් වේ

ආලෝක කිරණ වර්තනයට භාජනය වන්නේ එම කිරණ මාධ්‍ය දෙක අතර පෘෂ්ඨයට ලම්බක නොවන දිශාවකින් පැමිණෙන්නේ නම් පමණකි. ආලෝකයේ වර්තනයට හේතුව ආලෝකය ගමන් කරන වේගය මාධ්‍යයෙන් මාධ්‍යයට වෙනස් වීමයි.

රික්තකයක දී ආලෝකය 3 × 108 m s-1 වේගයකින් ගමන් කරයි. රික්තයක සිට යම් මාධ්‍යයකට ඇතුළු වූ පසු මෙම වේගය රික්තයක දී වේගයට වඩා අඩු වෙයි.

විරලතර මාධ්‍යය

මාධ්‍ය දෙකක් සැලකීමේ දී ආලෝකයේ වේගය වැඩි මාධ්‍යය.

ඝනතර මාධ්‍යය

මාධ්‍ය දෙකක් සැලකීමේ දී ආලෝක වේගය අඩු මාධ්‍යය.

මාධ්‍ය කීපයක් තුළ ආලෝකයේ වේගය

මාධ්‍යය වේගය (km s-1)
වාතය 300 000
ජලය 225 000
වීදුරු 197 000
පර්ස්පෙක්ස් 201 000
දියමන්ති 124 000

පර්ස්පෙක්ස් සිට වීදුරුවලට ගමන් කිරීමේ දී අභිලම්බයෙන් කිනම් දිශාවකට හැරෙයි ද? වීදුරුවල ආලෝකය සෙමින් ගමන් කරන නිසා දෙකින් ඝනතර මාධ්‍යය වීදුරු වන අතර කිරණය අභිලම්බය දෙසට නැමේ.