ඝනතර හා විරලතර මාධ්‍ය
5.4 ක්‍රියාකාරකමෙන් ඕනෑ ම මාධ්‍ය දෙකකට වලංගු නීතියක් ලැබේ.
විරලතර → ඝනතර
කිරණය අභිලම්බය දෙසට නැමේ: r, i ට වඩා කුඩා ය.
ඝනතර → විරලතර
කිරණය අභිලම්බයෙන් ඉවතට නැමේ: r, i ට වඩා විශාල ය.
ආලෝකය කිසියම් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට ගමන් කිරීමේ දී එය අභිලම්බය දෙසට නැමේ නම් දෙවන මාධ්‍යය පළමු මාධ්‍යයට සාපේක්ෂව ඝන මාධ්‍යයක් වේ. කිරණය අභිලම්බයෙන් ඉවතට නැමේ නම් දෙවන මාධ්‍යය විරල මාධ්‍යයකි.