Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

11.1. අර්ධ සන්නායක 3 වන පිටුව (3)

නිසග අර්ධ සන්නායක හා උෂ්ණත්වය

නිසග අර්ධ සන්නායක

ස්ඵටික ලෙස පවතින සංශුද්ධ සිලිකන් (Si) සහ ජර්මේනියම් (Ge) වැනි අර්ධ සන්නායක නිසග අර්ධ සන්නායක ලෙස හඳුන්වනු ලැබේ.

රත් කළ විට ලෝහ

නිදහස් ඉලෙක්ට්‍රෝනවල අහඹු චලිතය වැඩි වන හෙයින් කිසියම් දිශාවක් ඔස්සේ ධාරාවක් ගැලීමට බාධා ඇති කරයි.

සන්නායකතාව අඩු වේ (ප්‍රතිරෝධකතාව වැඩි වේ).

රත් කළ විට අර්ධ සන්නායක

බන්ධන වැඩිපුර බිඳී කුහර සහ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වේ.

විද්‍යුත් සන්නායකතාව වැඩි වේ (ප්‍රතිරෝධකතාව අඩු වේ).