Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

උෂ්ණත්ව පරිමාණ 3 වන පිටුව (3)

සෙල්සියස් හා කෙල්වින් අතර සම්බන්ධතාව

කෙල්වින් සහ සෙල්සියස් පරිමාණ අතර වෙනස ඇත්තේ ඒවායේ ශූන්‍ය අගයයන් ලෙස තෝරා ගෙන ඇති උෂ්ණත්ව දෙක අතර පමණකි.

සෙල්සියස් (°C) −273 −100 0 100 200
කෙල්වින් (K) 0 173 273 373 473

9.7 රූපය — සෙල්සියස් සහ කෙල්වින් උෂ්ණත්ව පරිමාණ.

සෙල්සියස් සිට කෙල්වින්

273ක් එකතු කරන්න.

කෙල්වින් සිට සෙල්සියස්

273ක් අඩු කරන්න.

නිදසුන 1

සෙල්සියස් උෂ්ණත්ව පරිමාණයේ එක් කොටසක් සමාන වන්නේ කෙල්වින් උෂ්ණත්ව පරිමාණයේ කොටස් කීයකට ද? 50 °C යන අගය කෙල්වින්වලින් ද, 373 K යන අගය සෙල්සියස්වලින් ද දක්වන්න.

සෙල්සියස් කොටස් 100 = කෙල්වින් කොටස් 100; සෙල්සියස් කොටස් 1 = කෙල්වින් කොටස් 1

50 °C = 50 + 273 K = 323 K

373 K = 373 − 273 °C = 100 °C

9.1 අභ්‍යාසය

(1) 10 °C, 27 °C, 87 °C, 127 °C, 100 °C කෙල්වින්වලින් දක්වන්න. (2) 0 K, 100 K, 273 K, 373 K, 400 K සෙල්සියස් අංශකවලින් දක්වන්න.

පිළිතුර

(1) 283 K, 300 K, 360 K, 400 K, 373 K

(2) −273 °C, −173 °C, 0 °C, 100 °C, 127 °C