මද්යසාර හා සංඛ්යාංක උෂ්ණත්වමාන
තවත් උෂ්ණත්වමාන දෙකක් බහුල ව භාවිත වේ.
වීදුරු - මද්යසාර උෂ්ණත්වමානය
වීදුරු - රසදිය උෂ්ණත්වමානය සාදා ඇති ආකාරයට ම සාදා ඇත. එහි වෙනස වන්නේ උෂ්ණත්වමාන ද්රවය ලෙස රසදිය වෙනුවට මද්යසාර භාවිත කිරීම යි. මද්යසාර උෂ්ණත්වමානයක් −115 °C සිට 100 °C අතර උෂ්ණත්වයක් මැනීමට භාවිත කළ හැකි ය.
- එතිල් මද්යසාරයේ (එතනෝල්) ද්රවාංකය −115 °C නිසා එය 0 °C ට වඩා ඉතා පහළ උෂ්ණත්ව මැනීමට යෝග්ය වේ.
- අනෙක් ද්රවවලට සාපේක්ෂ ව ප්රසාරණය වැඩි වීම සහ ප්රසාරණය, උෂ්ණත්වය සමඟ ඒකාකාර වීම.
- පිරිසිදු එතනෝල් අවර්ණ නිසා, මද්යසාර කඳ පහසුවෙන් බලා ගැනීමට එය වර්ණ ගැන්විය යුතු ය.
සංඛ්යාංක උෂ්ණත්වමානය
උෂ්ණත්වය කෙලින්ම සංඛ්යාවක් ලෙස කියවා ගත හැකි ය. මෙම උෂ්ණත්වමානවල දී සැදීමට උෂ්ණත්වය වැඩි වීම නිසා සිදු වන ප්රසාරණය වෙනුවට ප්රතිරෝධය වැනි උෂ්ණත්වය මත රඳා පවතින විද්යුත් ගුණයක් භාවිත වේ.
රූපයක් එක් කළ යුතුය