Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ක්ෂුද්‍රාන්ත්‍රයේ දී සිදුවන ආහාර ජීරණය 3 වන පිටුව (3)

ජීරණයේ අන්තඵල

ක්ෂුද්‍රාන්තයේ දී සිදුවන ආහාර ජීරණය පිළිබඳ තොරතුරු 6.1 වගුවේ ආකාරයට සාරාංශ ගත කළ හැකි ය.

ස්‍රාවය වන ඉන්ද්‍රියය එන්සයිම වර්ගය උපස්තරය සෑදෙන ඵල
අග්න්‍යාශය (අග්න්‍යාශයික යුෂය) ට්‍රිප්සින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ
අග්න්‍යාශය ඇමයිලේස් පිෂ්ටය මෝල්ටෝස්
අග්න්‍යාශය ලයිපේස් ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල්
ක්ෂුද්‍රාන්ත්‍රය (ආන්ත්‍රික යුෂය) මෝල්ටේස් මෝල්ටෝස් ග්ලූකෝස්
ක්ෂුද්‍රාන්ත්‍රය සුක්‍රේස් සුක්‍රෝස් ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස්
ක්ෂුද්‍රාන්ත්‍රය ලැක්ටේස් ලැක්ටෝස් ග්ලූකෝස් සහ ගැලැක්ටෝස්
ක්ෂුද්‍රාන්ත්‍රය පෙප්ටිඩේස් පොලිපෙප්ටයිඩ ඇමයිනෝ අම්ල

6.1 වගුව ඇසුරින්.

අන්ත ඵල

කාබෝහයිඩ්‍රේට්

→ මොනොසැකරයිඩ (ග්ලූකෝස් / ෆෘක්ටෝස් / ගැලැක්ටෝස්)

ප්‍රෝටීන්

→ ඇමයිනෝ අම්ල

ලිපිඩ

→ මේද අම්ල + ග්ලිසරෝල්