විශිෂ්ට ගුප්ත තාපය
ඒකක ස්කන්ධයක් සඳහා ගුප්ත තාපය විශිෂ්ට ගුප්ත තාපය යි. එහි ඒකකය J kg-1 වේ.
විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය
ද්‍රවාංකයේ පවතින කිසියම් ඝන ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය.
අයිස් සඳහා: 0 °C උෂ්ණත්වයේ පවතින අයිස් 1 kg ක් එම උෂ්ණත්වයේ ම ද්‍රව ජලය බවට පත්වීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය 3.36 × 105 J වේ.
වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය
තාපාංකයේ පවතින ද්‍රවයක ඒකක ස්කන්ධයක් එම උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම වාෂ්ප බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය.
ජලය සඳහා: 100 °C උෂ්ණත්වයේ පවතින ද්‍රව ජලය 1 kg ක් එම උෂ්ණත්වයේ ම හුමාලය බවට පත්කිරීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය 2.26 × 106 J වේ.
රූපයක් එක් කළ යුතුය
ජලය හුමාලය බවට පත් කිරීමට, එම ස්කන්ධයේ අයිස් ද්‍රව කිරීමට වඩා හත් ගුණයකට ආසන්න තාපයක් අවශ්‍ය වේ.