වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය
ද්‍රවයක් වාෂ්ප බවට පත් වීම වාෂ්පීකරණය (vaporization) නමින් හැඳින්වේ. ද්‍රවයක් වාෂ්ප බවට පත් වීම තත්ත්ව දෙකක් යටතේ විස්තර කළ හැකිය.
නැටීම
තාපාංකයේ පවතින ද්‍රවයකට තව දුරටත් තාපය සැපයීමේ දී සිදු වේ.
ද්‍රව පෘෂ්ඨයට යටින් ද වාෂ්ප පිට වීම සිදු විය හැකි ය. ද්‍රවයක් නැටීමේ දී බුබුළු දමන්නේ එම නිසාය.
වාෂ්පීභවනය
තාපාංකයට පහළ උෂ්ණත්වවල දී ද්‍රවය ක්‍රමයෙන් වාෂ්ප බවට පත් වීම.
සාමාන්‍යයෙන් වාෂ්පීභවනය සිදු වන්නේ ද්‍රවයක වාතයට නිරාවරණය වූ පෘෂ්ඨයෙන් පමණකි.
දහඩිය දැමීම සිසිල් කරන්නේ ඇයි
රෙදි වියළා ගැනීමේ දී සහ දහඩිය පිටකිරීම මගින් අපගේ ශරීර උෂ්ණත්වය පාලනය කරගැනීමේ දී ප්‍රයෝජනවත් වන්නේ ජලයේ වාෂ්පීභවනයයි. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය තරමක විශාල අගයක් ගන්නා නිසා අපගේ සමෙන් පිටවන දහඩියවල අඩංගු ජලය, වාෂ්පීභවනය වීමේ දී ශරීරයෙන් විශාල තාප ප්‍රමාණයක් ඉවත් වී යයි.