ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් පරීක්ෂාව
ඉන්ධනයක් වන ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු දැයි පරීක්ෂා කිරීමට පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි නිරත වෙමු.
ක්‍රියාකාරකම 14.1 — ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව තහවුරු කිරීම
අවශ්‍ය ද්‍රව්‍ය: සම්බන්ධක නළ, බීකරයක්, චූෂකයක්, හුනු දියර, කොපර් ස්ල්ෆේට් U හැඩැති නළයක්, පරීක්ෂා නළයක්
රූප සටහනේ දැක්වෙන පරිදි ඇටවුම සකස් කර, ඉටිපන්දම දල්වා, චූෂකයකට සම්බන්ධ කර චූෂණය කරන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණ
- මෙහි දී U නළයේ අඩංගු නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පැහැයේ සිට නිල් පැහැයට හැරේ. මෙම වර්ණ විපර්යාසයට හේතු වූයේ ඉටිපන්දම දහනයේ දී නිපදවෙන ජලයයි. එම ජලය නිපදවීමට අවශ්‍ය හයිඩ්‍රජන් සැපයෙනුයේ ඉටිවලිනි. එබැවින් ඉටිවල හයිඩ්‍රජන් අඩංගු බව තහවුරු වේ.
- තව ද දකුණු පස නළයේ අඩංගු හුනු දියර කිරි පැහැයට හැරෙණු නිරීක්ෂණය කළ හැකි ය. හුනු දියර කිරි පැහැයට හරවන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි. එබැවින් ඉටිපන්දම දහනයේ දී කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව පිට වී ඇත. එම කාබන් ඩයොක්සයිඩ්වල (CO2) අඩංගු කාබන්වල ප්‍රභවය වන්නේ ඉටි ය.
මේ අනුව ඉටිවල කාබන් (C) හා හයිඩ්‍රජන් (H) අඩංගු බව තහවුරු වේ.
ඇටවුමේ එක් එක් කොටස ඇත්තේ ඇයි
ගින්නෙන් ලැබෙන ජලය වාෂ්ප ලෙස ඉවත් වන බැවින් කොපර් සල්ෆේට් හමු වන තැන එය ඝනීභවනය කිරීමට U නළය සිසිල් ජලයේ තබා ඇත. ජල පරීක්ෂාව පළමුව එන්නේ හිතාමතා ය: හුනු දියර ම බොහෝ දුරට ජලය බැවින් හුනු දියරයට පසුව ජලය පරීක්ෂා කළහොත් ඉටිපන්දම කුමක් කළ ද එය හමු වේ. චූෂකය වායු නිවැරදි දිශාවට ගමන් කරවයි. දහනයට වාතයේ ඔක්සිජන් අවශ්‍ය බැවින් ඉටිවල ඔක්සිජන් ඇති බව පරීක්ෂාවෙන් ඔප්පු කළ නොහැකි ය — කාබන් හා හයිඩ්‍රජන් එයින් පැමිණි බව පමණි.
ලෝකයේ සෑම රටක ම පාහේ ඉන්ධන අවශ්‍යතා පිරිමසා ගන්නේ බොරතෙල් භාගික ආසවනයට ලක් කිරීමෙන් ලබා ගන්නා පෙට්‍රෝලියම් ඉන්ධන මගිනි. එම ඉන්ධනවල අඩංගු සියලු ම සංයෝග හයිඩ්‍රොකාබන වේ. හයිඩ්‍රොකාබනවල ව්‍යුහ පදනම් කරගනිමින් ඒවා ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින වශයෙන් වර්ගීකරණය කරනු ලැබේ.
නිල් කොපර් සල්ෆේට්, කිරි පැහැ හුනු දියර
ඉටි දහනය ජලය (නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් වේ) හා කාබන් ඩයොක්සයිඩ් (හුනු දියර කිරි පැහැ වේ) දෙයි; එබැවින් ඉටිවල හයිඩ්‍රජන් හා කාබන් ඇත.