Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.4. තාපජ ප්‍රසාරණය 4 වන පිටුව (5)

ද්විලෝහ පටිය

විදුලි ඉස්ත්‍රික්ක, රයිස් කුකර් වැනි උපකරණවල උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දෙන ලද උෂ්ණත්ව වෙනසක දී අසමාන ප්‍රමාණවලින් ප්‍රසාරණය වන ලෝහ වර්ග දෙකකින් සෑදූ ද්විලෝහ පටි (bimetallic strip) භාවිත වේ.

එය සාදා ඇත්තේ අසමාන ප්‍රමාණවලින් ප්‍රසාරණය වන ලෝහ පටි දෙකක් මිටියම් (rivet) කිරීම මගින් එකිනෙකට සවි කිරීමෙනි. එම පටිවල මිටියම් කළ කෙළවර ලෝහ කැබැල්ලකට තදින් සවි කර ඇති අතර අනෙක් කෙළවර නිදහසේ පවතියි. ද්විලෝහ පටියේ උෂ්ණත්වය ඉහළ යන විට එක් පටියක් වැඩියෙන් ප්‍රසාරණය වන අතර අනෙක අඩුවෙන් ප්‍රසාරණය වෙයි. එවිට පටි දෙක වක්‍ර වෙයි.

රූපයක් එක් කළ යුතුය

9.20 රූපය — ද්විලෝහ පටියේ ක්‍රියාකාරීත්වය: (a) සෘජු පටිය; (b) රත් කළ පසු වක්‍ර වූ පටිය.

ස්විචයක් ලෙස

ද්විලෝහ පටියට විද්‍යුත් පරිපථයක් සම්බන්ධ කිරීමෙන් උෂ්ණත්වය යම් සීමාවකට වඩා ඉහළ යන විට තාපකයකට සැපයෙන විදුලිය විසන්ධි වීමට සැලැස්විය හැකි ය.

රූපයක් එක් කළ යුතුය

9.21 රූපය — බැටරියක් හා තාපකයක් සහිත පරිපථයකට සම්බන්ධ ද්විලෝහ පටියක්: (a) සිසිල්, ස්පර්ශකය ස්පර්ශ කරයි; (b) රත් වී, ඉන් ඉවතට වක්‍ර වී ඇත.