පාරජම්බූල කිරණ
පාර ජම්බූල යනු ‘ජම්බූල’ට ඉහළින් පිහිටි යන්නයි. ජම්බූල (දම්) වර්ණයට වඩා ඉහළ සංඛ්‍යාත පරාසයට අයත් මිනිස් ඇස සංවේදී නොවන කිරණ වර්ගයකි.
මී මැස්සන් වැනි කෘමීන් පාරජම්බූල කිරණ සඳහා සංවේදී බව සොයාගෙන ඇත. සූර්ය ආලෝකයේ පාරජම්බූල කිරණ කුඩා ප්‍රමාණයක් අඩංගු ය. විද්‍යුත් විසර්ජන මගින් සහ රසදිය වාෂ්ප ලාම්පු මගින් ද පාරජම්බූල කිරණ නිපදවේ.
අපට යහපත්
මිනිස් සිරුරේ විටමින් D නිපදවන නිසා යම් ප්‍රමාණයකට සූර්ය ආලෝකයට නිරාවරණය වීම ප්‍රයෝජනවත් ය.
හානිකර
අධික ව පාරජම්බූල කිරණවලට නිරාවරණය වීමෙන් ඇසෙහි සුද සහ සමෙහි පිළිකා ඇති විය හැකි ය.
භාවිත
- රෝහල්වල විෂබීජ විනාශ කිරීම.
- බැංකු වැනි ආයතනවල මුදල් නෝට්ටුවල ඇති රහස්‍ය සංකේත පරීක්ෂා කිරීම: සමහර රසායනික ද්‍රව්‍ය පාරජම්බූල කිරණවලට නිරාවරණය වූ විට දිලිසේ.
- සමහර රෙදි සෝදන කුඩු වර්ගවල එවැනි රසායනික එකතු කෙරේ; එම කුඩු භාවිත කර සේදූ රෙදි හිරු එළියට නිරාවරණය වූ විට බැබළීමක් ඇති වේ.
රූපයක් එක් කළ යුතුය