Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.2.2. විද්‍යුත් චුම්බක තරංගවල භාවිත 4 වන පිටුව (5)

අධෝරක්ත කිරණ

දෘශ්‍ය ආලෝක පරාසයේ රතු වර්ණයට පහළ සංඛ්‍යාත සහිත, අපගේ ඇසට නොපෙනෙන තරංග පරාසය අධෝරක්ත කිරණ ලෙස හැඳින්වේ. රත් වූ වස්තු මගින් නිකුත් වන නිසාත්, අපගේ සම මත වැටුණු විට උණුසුම් බවක් දැනෙන නිසාත් මේවා බොහෝ විට තාප විකිරණ ලෙස ද හැඳින්වේ.

අපගේ ශරීරවලින් ද අධෝරක්ත තරංග පිට කෙරේ. ඒ ඇසුරින් ලබා ගන්නා තාපජ ඡායාරූප මගින් යම් යම් රෝග හඳුනාගත හැකි වේ. අධෝරක්ත දෙනෙති සහ කැමරා මගින් රාත්‍රී කාලයේ දී මිනිසුන් හෝ සතුන් නිරීක්ෂණය කළ හැකි ය.

රූපයක් එක් කළ යුතුය

4.17 රූපය — අතක තාපජ ඡායාරූපයක්; උණුසුම් ම කොටස් රතු හා කහ පැහැයෙන් දැක්වේ.

දුරස්ථ පාලක

දුරස්ථ පාලකවල සිට රූපවාහිනී යන්ත්‍ර දක්වා සංඥා යැවීමට භාවිත වන්නේ අධෝරක්ත කිරණ යි.

කැමරා

ජංගම දුරකථනවල සහ පරිගණකවල ඇති කැමරා බොහොමයක් අධෝරක්ත කිරණවලට සංවේදී වේ.

භෞත චිකිත්සාව

භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම සඳහා ද අධෝරක්ත කිරණ භාවිත වේ.

රාත්‍රී දර්ශනය

අධෝරක්ත දෙනෙති හා කැමරා මගින් අඳුරේ මිනිසුන් හා සතුන් පෙන්වයි.

රූපයක් එක් කළ යුතුය

4.18 රූපය — (a) රූපවාහිනියකට යොමු කළ දුරස්ථ පාලකයක්; (b) අධෝරක්ත කැමරාවක්.